ශ්‍රී ලංකාව E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවට සේවකයින් යැවීම යළි ආරම්භ කරන අතර, පළමු කණ්ඩායම අඟහරුවාදා (14) පිටත්ව යාමට නියමිතව ඇත.
ඒ අනුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, පෙර අක්‍රමවත් සහ නීති විරෝධී විධිවිධාන හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියා ලබා ගැනීම වළක්වා තිබූ බැවින්, රජයේ මැදිහත්වීමෙන් අනතුරුව නව ගිවිසුම් යටතේ වැඩසටහන යළි සක්‍රීය කර ඇති බවයි.
එසේම නියමු ව්‍යාපෘතියක් යටතේ කෘෂිකාර්මික අංශයේ රැකියා වෙනුවෙන් තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම දකුණු කොරියාවේ යොන්ග්වෝල් කලාපයට යෑමට නියමිත බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලාංකිකයින් දැනට දකුණු කොරියාවේ E-9, E-7 සහ E-8 වීසා කාණ්ඩ යටතේ සේවය කරන බව වාර්තා වේ.
තෝරාගත් සේවකයින් මාස අටක කාලයක් සඳහා සෘතුමය රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අවසන් වූ පසු යළි ශ්‍රී ලංකාවට පැමිණිය යුතු වේ.
මෙහිදී නැවත පැමිණීමට අපොහොසත් වීමෙන් අනෙක් අයගේ අනාගත රැකියා අවස්ථා අනතුරේ වැටිය හැකි බවට අනතුරු ඇඟවූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට උත්සාහ කරමින් සිටින බව ද සඳහන් කළා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ඒ ආශ්‍රිත ආයතනවල නිලධාරීන් ද සහභාගී වී ඇත.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments