අද දවසේ කොළඹ නගරයේ සැරිසැරූ ඕනෑම කෙනෙකුට දැනුණේ දරාගත නොහැකි රස්නයක්. පාරේ පයින් ඇවිදින එකත් ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ.
මේ වගේ වෙලාවක කොළඹ නගරයේ මැදට හදිසියේම ආපු ලොරියකින් කරපු වැඩක් ගැන දැන් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා.
අවුරුදු සමයත් එක්ක කොළඹ නගරය සෙනඟින් පිරිලා ඉතිරිලා තිබියදී, මේ අපූරු පිරිස ලොරියකින් පැමිණ තිබුණේ වතුර බෝතල් බෙදා දෙන්නයි. හැබැයි මේවා විකුණන්න නෙමෙයි, දැඩි පිපාසයෙන් පාරේ යන එන මිනිසුන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නයි ඔවුන් කටයුතු කළේ.
මාස ගණනාවක් පවතින දැඩි පෑවිල්ලත් එක්ක හෙම්බත් වෙලා හිටපු මිනිසුන්ට මේ වතුර බෝතලය "රත්තරන්" වගේ වටිනා දෙයක් වුණ බව නම් නොඅනුමානයි.
මෙම වතුර බෙදාදීමේ විශේෂත්වය වුණේ පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාවට පමණක් නෙමෙයි, ගිනිකාස්ටක අව්වේ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරීන්ටත් මේ පිපාසය සංසිඳුවා ගැනීමට ඔවුන් නොමසුරුව වතුර බෝතල් ලබා දීමයි.
සමාජයට ලොකු ආදර්ශයක් දුන් මේ ක්‍රියාව දුටු බොහෝ දෙනෙක් පවසන්නේ, කෙනෙකුට උදව් කරන්න කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අවශ්‍ය නොවන බවයි. අවශ්‍ය වෙලාවට කරන මෙවැනි කුඩා හෝ උදව්වක් ලෝකයක් වටින බව මේ පිරිස අද ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නුවා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments