Ticker

6/recent/ticker-posts

අලුත බැන්ද සනත් - ජානකී විවාහය දෙදරයි? - හේතුව මෙන්න

 


මෙරට සිනමා ක්ෂේත්‍රයේ අතිශය කතාබහට ලක්වූ සනත් ගුණතිලක සහ ජානකී විජේරත්න අතර පැවති විවාහ සබඳතාව මේ වනවිට අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කලා ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙපළකගේ එක්වීමක් ලෙස සැලකුණු වූ මෙම යුග දිවිය මෙලෙස බිඳ වැටී ඇත්තේ රසික සිත් තුළ කුතුහලයක් සහ කනගාටුවක් ඉතිරි කරමිනි.

වසර ගණනාවක් පුරා ඔවුන්ගේ සම්බන්ධතාවය කලා ලොවේ ‘ප්‍රසිද්ධ රහසක්’ බවට පත්ව තිබූ අතර, ඔවුන් ප්‍රසිද්ධ උත්සව සහ සම්භාෂණ සඳහා නිරන්තරයෙන් එක්ව සහභාගි විය.

පසුව චාම් උත්සවයකින් විවාහ දිවියට එළඹුණු මොවුන්, සිය යුග දිවිය පිළිබඳව විවෘතව අදහස් දක්වමින් එකල මාධ්‍ය තුළ ද නිරන්තරයෙන් පුවත් මවන්නන් බවට පත්විය.

මෙම යුවළ අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ලකා සහ සිකා අධ්‍යක්ෂණය කළ ‘සුර දෙටුවෝ’ චිත්‍රපටය නැරඹීමට පැමිණි අවස්ථාවේදීය.

එමෙන්ම ජානකී විජේරත්න සිය සමාජ මාධ්‍ය ගිණුමට එම අවස්ථාවේ ඡායාරූප එක් කර තිබුණ ද, මෑතකාලීනව ඇය පළ කළ කිසිදු ඡායාරූපයක හෝ සටහනක සනත් ගුණතිලක දක්නට නොලැබීම හරහා මෙම වෙන්වීම පිළිබඳ මුල්ම ඉඟි පළවිය.

සනත් ගුණතිලක මහතා දශක කිහිපයක් පුරා සිංහල සිනමාවේ අසහාය පෙම්වතා ලෙසත්, පසුව සම්මානනීය චරිතාංග රංගන ශිල්පියෙකු ලෙසත් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු කලාකරුවෙකි.

69 වන වියෙහි පසුවන ඔහු, වර්තමානය වන විට සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින අතර මෙම අතිශය ජනප්‍රිය තරු යුවළගේ හදිසි වෙන්වීම සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

කෙසේ නමුත් මෙහි ඇත්ත නැත්ත හෙලිවනතුරු ප්‍රේක්ෂකයන් දැඩි විමසිල්ලෙන් පසු වෙයි 


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments