Ticker

6/recent/ticker-posts

ක්‍රිකට් ලොවම කම්පා කරමින් දැවැන්තයෙක් නිහඬ වෙයි

 


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පවතින ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට නිහඬවම දැවැන්ත මෙහෙවරක් කළ, ලොව සුපිරි ක්‍රීඩකයන් රැසක් බිහිකළ ඒ සුවිශේෂී ගුරුවරයා ජීවිත ගමනට සමු දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුත්තයියා මුරලිදරන්, නුවන් කල්පගේ, රුවන් කල්පගේ වැනි ලෝක පූජිත ක්‍රිකට් තරු ක්‍රිකට් ලොවට හඳුන්වා දුන්, ලංකාවේ ජ්‍යෙෂ්ඨතම සහ ප්‍රවීණතම ක්‍රිකට් පුහුණුකරුවෙකු වූ සුනිල් ප්‍රනාන්දු මහතා අභා##ප්‍රාප්ත වී ඇත.

එම පුවත ඇසීමත් සමඟ ක්‍රිකට් ලෝලීන් දැඩි කම්පනයට පත්ව ඇත.

ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියවන්නට පදනම දැමූ ගුරුවරයායි.

එසේම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ සැබෑ යුග පුරුෂයෙක් ලෙස ද ඔහුව හඳුන්වයි.

ඔහුගේ දේහය මේ වන විට මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (22 ඉරිදා) දින පස්වරු 5.00 ට මහනුවර මහයියාව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව පවතී.  


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments