අලුත් අවුරුද්ද උදාවුණත්, සෙනාලිට නම් මේ දවස සතුටට වඩා මතකයන් අලුත් කරන දවසක් වෙලා.
මීට වසර 6කට පෙර අප්‍රේල් 14 වැනිදා ඇයට ඇගේ පියාණන්ගෙන් සමුගන්නට සිදු වූ ඒ අමිහිරි මතකය ඇය මෙලෙස අකුරු කර තිබුණා.
"අද අලුත් අවුරුද්ද! මම මගේ ජීවිතේ අවසන් වතාවට ලොකුවට අවුරුදු සමරලා දැන් අවුරුදු 6ක් වෙනවා. මීට අවුරුදු 6කට කලින් හරියටම අද වගේ දවසකයි තාත්තේ මම අන්තිම වතාවට ඔයාගේ හඬ ඇහුවේ, ඔයා හුස්ම ගන්නවා දැනුණේ... ඔයා හිනාවෙනවා වගේම අඬනවා අන්තිමටම ඇහුවේ ඒ දවසේ. ඒ නිසයි මට අප්‍රේල් 14 කවදාවත් අමතක වෙන්නේ නැත්තේ."
පියා මියයන මොහොතේ ඇයට දුන් අවසන් අවවාදය ගැනත් ඇය එහි සඳහන් කරලා තිබුණේ හරිම සංවේදී විදිහට. "අම්මාව බලාගෙන සතුටින් ඉන්න" කියන ඒ වචන ටික අදටත් ඇගේ හිතේ නොමැකී තියෙන බවත්, ඇය අද සතුටින් ඉන්නේ අම්මා ඇය සමඟ සිටින නිසා බවත් සෙනාලි පවසා තිබුණා.
"ඔයා අද හිටියා නම්... මගේ ජීවිතේ රජ්ජුරුවෝ අදටත් ඔයාමයි තාත්තේ. එදා ඔයා මගේ ඔළුවේ තිබ්බ ඒ රජ ඔටුන්න මම කවදාවත් බිම තියන්නේ නැහැ."
සෙනාලිගේ මේ ආදරණීය තාත්තා ගැන තියපු සටහන දුටු බොහෝ දෙනෙක් ඇයට ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. දියණියකගේ ආදරයත්, පියෙකුගේ අඩුවත් මොනතරම් දැනෙනවාද යන්න සෙනාලිගේ මේ සටහන කියවන ඕනෑම කෙනෙකුට හැඟෙනවා නොඅනුමානයි.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments