2026 අප්‍රේල් 15 වැනිදා. හිරු උදාව: පෙරවරු 06.03 ට, හිරු බැසීම: පස්වරු 06.19 ට, රාහු කාලය: දවල් 12.11 සිට 01.42 දක්වා
♈ මේෂ ලග්නය
අද දවස ඔබට තරමක් ප්‍රවේසම් විය යුතු දිනයකි. හදිසි අනතුරු හෝ කායික පීඩාවන් ඇතිවීමට ඉඩ ඇති බැවින් ගමන් බිමන් වලදී සහ උපකරණ හැසිරවීමේදී වෙනදාට වඩා අවධානයෙන් සිටීම වැදගත් වේ.
♉ වෘෂභ ලග්නය
විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට හෝ විදේශ ගතවීමට සැලසුම් කරන අයට අද ඉතාමත් සුබදායක දිනයකි. ඒ සම්බන්ධයෙන් ගන්නා උත්සාහයන් සාර්ථක වන ලකුණු පෙනේ.
♊ මිථුන ලග්නය
අද ඔබට ඉතා වාසනාවන්ත දවසකි. සැලසුම් කළ වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවන අතර, බලාපොරොත්තු නොවූ වාසනාවන් හෝ ජයග්‍රහණ අත්කර ගැනීමට අවස්ථාව පවතී.
♋ කටක ලග්නය
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලී සිටින අයට අද දිනය ඉතා සුබයි. නව වෙළඳ ගිවිසුම්වලට එළඹීමට හෝ ව්‍යාපාර දියුණුව වෙනුවෙන් කරන ආයෝජනවලින් සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක.
♌ සිංහ ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අද දිනය ඉතා යහපත් වේ. මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වර්ධනය වන අතර ඉගෙනීම් කටයුතුවලින් විශේෂ දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබේ.
♍ කන්‍යා ලග්නය
සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම උෂ්ණාධික රෝග, ශරීරයේ දැවිල්ල හෝ ආසාදන තත්ත්වයන් මතු විය හැකි බැවින් ආහාර පාන සහ විවේකය ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ.
♎ තුලා ලග්නය
තනිව කරගෙන යාමට අපහසු කටයුතු වලදී අන් අයගේ සහයෝගය සහ උපකාර ලැබෙන දිනයකි. මිතුරන්ගෙන් හෝ හිතවතුන්ගෙන් ලැබෙන මගපෙන්වීම් නිසා ඔබේ ගැටලු රැසක් විසඳෙනු ඇත.
♏ වෘශ්චික ලග්නය
ගෘහ ජීවිතය ඉතා සතුටුදායක සහ සාමකාමී වේ. පවුලේ අය සමඟ ගත කරන කාලය ප්‍රියජනක වන අතර නිවසට අදාළ අලුත් වැඩකටයුතු ආරම්භ කිරීමටද මෙය යහපත් කාලයකි.
♐ ධනු ලග්නය
ඔබටත් අද දිනය අන් අයගේ සහයෝගය නොමදව ලැබෙන දිනයකි. විශේෂයෙන්ම රැකියා ස්ථානයේදී හෝ සමාජීය වැඩකටයුතු වලදී අන් අය ඔබ කෙරෙහි දක්වන විශ්වාසය වැඩි වනු ඇත.
♑ මකර ලග්නය
අද දවසේ කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදීමට ඉඩ පවතී. රැකියාව හෝ පෞද්ගලික අවශ්‍යතා මත නිතර එහා මෙහා යාමට සිදුවුවත්, එම ගමන් බිමන් වලින් බලාපොරොත්තු වූ වැඩකටයුතු සාර්ථක කරගත හැක.
♒ කුම්භ ලග්නය
උනන්දුව සහ උද්යෝගය වැඩිවන දිනයකි. අතපසු වූ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවන අතර, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය අද ඔබ තුළ පවතී.
♓ මීන ලග්නය
ආර්ථික අතින් ඉතා යහපත් දවසකි. ආදායම් මාර්ග සතුටුදායක ලෙස ගලා එන අතර, ලැබීමට තිබූ මුදල් හෝ අලුත් ආදායම් මාර්ග පිළිබඳ සුබ ආරංචි ලැබීමට ඉඩ පවතී.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments