සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්යය නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ මගීන්ගේ අඩුවක් පැවතිය ද ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට කටයුතු කරන බවය.
“ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළ විශේෂ අවුරුදු සේවාව අපි අටවෙනිදා සිට ක්‍රියාත්මක කළා. මගීන්ගේ අවශ්‍යතාව අනුව අද (14) දිනයෙත් මේ සේවාව ක්‍රියාත්මකයි. මගීන්ගේ අඩුවක් අද දිනයේදී අපි නිරීක්ෂණය කරනවා. නමුත් සෑම ප්‍රදේශයකටම අවශ්‍ය බස් රථ තියෙනවා. මගීන්ගේ අවශ්‍යතාව පරිදි හැම ප්‍රදේශයකටම බස් රථ යොදවනවා. විශේෂයෙන්ම බැස්ටියන් මාවත බස් අංගනය, මාකුඹුර, කඩවත සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට ප්‍රධාන නගරවල සිටත් මෙම සේවාවන් ක්‍රියාත්මකයි. මගීන්ගේ ඉල්ලුම පරිදි අවශ්‍ය සැපයමු ලබා දෙන්න කටයුතු කරනවා.”
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments