Ticker

6/recent/ticker-posts

මගේ ජීවිතේ නෙගටිව් මාර්කටින් කරන්න පුළුවන් ගොඩක් තැන් ආවා - සචින්

 


කෙටි කාලයකින් ඉමහත් රසික ආදරයක්, ආකර්ෂණයක් දිනූ ජනප්‍රිය රංගන ශිල්පියෙකි, 'සචින් ලියනගේ'.

රංගන හැකියාව සේ ම කඩවසම් රූපය නිසාවෙන් සචින්ට වැඩි ආකර්ෂණයක් තිබුණෙ තරුණියන්ගෙන් කිව්වාට වැරදි නෑ.

පුවත්පත් අතිරේකයකට අදහස් දක්වමින් සචින් මෙසේ සඳහන් කර තිබෙනවා.

" මගේ ජීවිතේ නෙගටිව් මාර්කටින් කරන්න පුළුවන් ගොඩක් තැන් ආවා. නමුත් නෙගටිව් මාර්කටින් කියන දේ යම් අයෙකුට හොඳ වෙන්න පුළුවන් වගේම තවත් අයෙකුට නරක වෙන්න පුළුවන්. නමුත් මම ගොඩක් වෙලාවට ඉන්නෙ පොසිටිව් මාර්කටින් පැත්තෙ. මට නෙගටිව් මාර්කටින් ඕනි නෑ කියන තැන තමයි මම ඉන්නෙ. ඒ නිසා මම ඒ තැන ඉන්න හරි කැමතියි. මීඩියා කියන දේ කලාකරුවෙකුට හැමවෙලේම අවශ්‍යයි. මොකද මාධ්‍ය කියන්නෙ චරිතයක් හදන්න වගේම චරිතයක් නැති කරන්නත් පුළුවන් තැනක්. හරි පස්සමින් ඒක පාවිච්චි කරන්න ඕනෑ. ලංකාවේ සමාජ මාධ්‍ය කියන පැත්ත ටිකක් දරුණුවටම පාවිච්චි වෙනවා. හොඳ විදියට පාවිච්චි කරනවා නම් ඒක හොඳ තැනක්. මාධ්‍ය කියන දේ කලාකරුවෙකුට හරි වැදගත් "


-සචින් ලියනගේ


උපුටා ගැනීම : හදගැස්ම

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments