Ticker

6/recent/ticker-posts

ආයේ නෙළුම් කුලුනේ ලස්සන බලන්න බෑ? රජයෙන් අලුත් නීතියක්

 


රට තුළ පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලිය පිරිමසා ගැනීම සඳහා රජය විසින් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කරන ලෙස රජය උපදෙස් දී ඇත.

රජය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කරමින් පවසා ඇත්තේ දිවයින පුරා පිහිටි අත්‍යවශ්‍ය නොවන වෙළඳ ප්‍රචාරක පුවරු සහ අනෙකුත් අනවශ්‍ය විදුලි සැරසිලි සඳහා විදුලිය භාවිතය සීමා කරන ලෙසයි.

බලශක්ති ඉතිරි කිරීමේ මෙම වැඩපිළිවෙළට සමගාමීව, පළාත් පාලන ආයතන යටතේ පාලනය වන වීදි පහන් ද්විතීයික මට්ටමින් භාවිත කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් එම ආයතන දැනුවත් කිරීමට රජය පියවර ගෙන ඇත.

පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේ රජයේ ජාතික වැඩපිළිවෙළට අනුගත වෙමින් මෙම තීරණ ගත් බව අදාළ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments