Ticker

6/recent/ticker-posts

අවුරුදු සමයට සීමා වුණු කොවුල් නාදය.. පරිසරවේදීන්ගෙන් වෙනස් අනාවරණයක්..

 


ඒ ඇසෙන කතාව මේ කාල සීමාවටම විශේෂ වූවක්. කොවුල් නද, සිංහල අලුත් අවුරුදු සිරිය අපට කලින්ම කියාපාන සිදුවීමක්.



බක් මාසයේ උදාවත් සමග කොවුල් නාදය ද ඇරඹෙන්නේ අලුත් අවුරුදු සමය උදාවේ ඉඟියක් ලබාදෙමින්.

කෙසේ වෙතත් පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ කොහාගේ නාදය ඇසෙන කාලය වෙනස් වී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

ජන ක්‍රීඩා, රස කැවිලි තරමටම කොහාගේ නාදය සහ අලුත් අවුරුදු උත්සව සමය අතර පවතින්නේ නොනිමි බැඳීමක්.

කොහා නැතහොත් කෝකිලයා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබනවා.

ඒ, වෙනත් පක්ෂීන්ගේ කූඩුවල බිත්තර දැමීම හේතුවෙන්.

සිය විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීම සඳහා කොහා බක් මාසයේ සුලබව නාද කරන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

නූතන අවුරුදු ප්‍රචාරණ කටයුතු සඳහා කොවුල් නාදය මෙන්ම රුව ද භාවිතයට ගැනීම සුලබ කාරණයක්.

කෙසේවෙතත් පෙර වසරවලට සාපේක්ෂව මේවනවිට කොහාගේ නාදය ඇසෙන කාලය වෙනස් වී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments