Ticker

6/recent/ticker-posts

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

 


ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව නිවේදනය කර ඇත.

එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය.

එමෙන්ම ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇත. ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ අප්‍රේල් මස 1 වෙනිදා සිට විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි.

ආපනාශාලා පවත්වාගෙන යනු ලබන සෑම ස්ථානයකම විදුලි බිල ඒකක 180 ඉක්මවා යනු ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ විශාල විදුලි බිලක් දැරීමට සිදුවීම හේතුවෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවද හර්ෂණ රුක්ෂාන් මහතා පවසා ඇත.  


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments