ඉකුත් අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නිවස වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේදී සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සිද්ධිය සම්බන්ධ එක් සැකකරු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙනු ලැබුවා.
එසේම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අඳාළ පෙත්සම සලකා බලා තිබුණා.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments