Ticker

6/recent/ticker-posts

ඇය හිනාව බෝ කරන ආදර චරිතයක් වුණා.." එයාලාගේ ලෝකයම ලස්සන කළ ආදරණීය ඩියෝනා වෙනුවෙන් විශේෂ සටහනක්..

 


දුවෙක් කියන්නේ ඇත්තටම ගෙදරට සම්පතක්. ඔවුන්ටත් ඒ හැඟීම එහෙමම වෙන්න ඇති.


හෙක්ටර් ඩයස් සහ ආදරණීය පාටී ගේ දියණිය ඩියෝනා, අද දවසේ උපන්දිනය සමරනවා.


මේ වසන්ත කාලයේ ඒ දෙන්නාගේ ලෝකයට ආව ආදරණීය දියණිය ගැන වසරින් වසර අලුත් වෙන මතකයත් එක්ක පාටී අද විශේෂ සටහනක් එක්කරලා. ඒ තමන්ගේ එකම දියණිය ඩියෝනා වෙනුවෙන්.

බලන්නකෝ මේ ඇසෙන කතාව මොන තරම් නම් ආදරණීයද කියලා.

"සිකුරාදා 13 තමයි ඔයා අපේ ලෝකෙට එන්නේ
ආලෝකයක් වගේ අපි දෙන්නාගේ ලෝකය එලි උනා ආයිත්. තාත්තිගේ curly hair හිනය සැබැ උනා. නමක් සෙව්වා අපි ගායිකාවක් උනොත් හැමෝටම කියන්න ලේසි වෙන,සරල නමක් , ඒත් තාරකාවක් වගේ දිලිසෙන්න පුලුවන්.
ඒ නිසා ඔයාට අපි ඩියෝනා කියල නම තිබ්බා.
වචන කියන්න පෙර ගීත ගයානා කරන්න ඔයා සමත් උනා,
අපේ පුංචි දුව ඉක්මනින්ම ලොකු උනා….
ඔයාගේ ලෝකෙ ඉන්න අපිටත් ඔයාගේ හිනාව බෝ කරන ආදර චරිතයත් උනා.
ඔයා හැම පියවරක්ම තියන්නේ විශ්වාසයෙන්.පුංචි පාද වලින් , අඩියෙන් අඩිය ලොකු වෙලා ලොකු හදවතක් තියෙන යුවතියක් වෙලා අද.
අපිට නොතේරෙන ආලෝකයක් ගෙනෙන ලස්සන ලොකු දුවෙක් වෙලා.
නිහතමානී බලයක්, වෙනම අඔරා එකක් ඔයා මේ ලෝකෙට ගෙනල්ලා.
අද ඔයාට වයස දහනවයක්,
සිනාවත්, කඳුළුත් මැදින් ආ ගමනක්.
තාමත් අපේ අත් තදින් අල්ලං යන ගමනක්
ඒත් ඔයාග් ආලෝකයට හිමින් හිමින් ලං වෙන ලස්සන යුවතියක්.
ඔයාගේ හදවතේ හඬින් ඔයාගේ ඉරනම ලියන බව අපිට දැනෙනවා.
විශේෂ කෙනෙක් කියලා අපිට හැගෙනවා..
අපේ විශේෂ දුවට, විශේෂ අනාගතයක්, ප්‍රර්ථනා කරනවා ඔයාගේ මේ විශේශ දවසේ
අම්මි, තාත්තීගෙනත් සදාකාලීක ආදරයත් අරන් යන්න “ඩියෝනා” කියන නම බබලවන්න…ලංකාවෙයි, මුලු ලෝකමයි!
සුභ උපන් දිනයක් ඩියෝනා"




📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments