මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් (28) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා ඇති බැවින් එහි නව මිල රුපියල් 281ක් වේ.
එසේම රුපියල් 323ක්ව පැවැති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇත. එබැවින් එහි නව මිල රුපියල් 329ක් වේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 293ක් බව සඳහන්.
එමෙන්ම ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල සංශෝධනය නොකළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර ඇත.
එබැවින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340කි.
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments