Ticker

6/recent/ticker-posts

මැදපෙරදිග ඇවිලෙන යුධ ගිනි නිසා ජෝර්දානයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්



 මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වයන් සම්බන්ධව ජොර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් අනවශ්‍යය ගමන්වලින් වැළකී නිසි සැලකිල්ලෙන් සුපරික්ෂාකාරීව සිටින ලෙසත් සාමුහික එකතුවීම්වලින් වළකින ලෙසත් තානාපති කාර්යාලය එරට ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

එසේම සෑමවිටම ජෝර්දාන බලධාරීන් සහ තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ උපදෙස් අනුගමනය කරන ලෙසත් තානාපති කාර්යාලය ඉල්ලා ඇත.

ඊට අමතරව හදිසි ඕනෑම අවස්ථාවකදි පහත සඳහන් දුරකථන අංක හරහා තානාපති කාර්යාලය අමතන ලෙසත් එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අඳාළ නිවේදනය පහතින්,  

මැදපෙරදිග ඇවිලෙන යුධ ගිනි නිසා ජෝර්දානයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් | Jordan Alert For Sri Lankans

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments