මාතර රාහුල විද්‍යාලයේ ආබාධ සහිත සිසුවෙකු වන සවිත් ගිම්හාන මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට වෛද්‍ය පීඨයට තේරී පත්ව ඇත්තේ ඔහු ඇතුළු සියලු දෙනාම සතුටු කරමින්.
උසස්පෙළට ජීවවිද්‍යා අංශයෙන් පෙනීසිටි සවිත් විෂයන් තුනටම A සාමාර්ථ මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ ජීවවිද්‍යා අංශයෙන් 09 වැනි ස්ථානයත් හිමි කර ගැනීමට සමත්ව ඇත.
කුඩා කාලයේදී මව්පියන් සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සිදු වූ අනතුරක් නිසා සවිත් අබාධයට ලක්ව තිබෙන අතර සචිත්ගේ පියා එම අනතුරෙන්ම දිවි හැර යන්නේ සචිත්ගේ ජීවිතය තව දුරටත් අභියෝගයකට ලක් කරමින්.
එහෙත් එතැන් පටන් ඒ සියලු බාධක මැද සවිත් පෝෂණය කර ඔහුට අධ්‍යාපනය ලබා දීමට සවිත්ගේ මව උත්සුක වී තිබුණා.
සචිත් සඳහන් කළ ආකාරයට ඔහුට එම අනතුර සිදුවන විට වයස අවුරුදු 2ක් විය.
එම අවාසනාවන්ත රිය අනතුර නිසා කුඩා කාලයේදීම සිය ජීවිතය රෝද පුටුවකට සීමා කරන්නට සිදු වුණත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක්, සාමන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් මෙන්ම මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් A සාමාර්ථ 3ක් ලබාගෙන ජයග්‍රහණය හිමිකර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ අභියෝග කම්කටොලු මැද ඔහුගේ සිතේ ධෛර්‍ය මනාව පිළිබිඹු කරමින්.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න

0 Comments