Ticker

6/recent/ticker-posts

ලංගම ඉතිහාසය අලුත් කරයි... දවස් පහෙන් කෝටි 60ක්

 


සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය සෙනඟ නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මෙවර වාසනාව මල් හතකට උදා කරගෙන තියෙනවා.


පසුගිය 09 වැනිදා ඉඳන් ඊයේ (13) වෙනකම් විතරක් ලංගමයේ ආදායම රුපියල් මිලියන 600 ඉක්මවලා කියලයි ආරංචිය.

වැඩිම සල්ලියක් හොයලා තියෙන්නේ පසුගිය 11 වැනිදා. එදා විතරක් මිලියන 213ක වාර්තාගත ආදායමක් ලංගම සභාපති සජීව කනගරත්න මහතා පවසන පරිදි ලැබිලා තියෙනවා.

දැන් ඉතින් කැවුම් කිරිබත් කාලා ඉවර වෙලා ආයෙත් කොළඹ එන්න ලෑස්ති වෙන අයට ලංගමයෙන් විශේෂ පණිවිඩයක් දීලා තියෙනවා. හෙට (15) පස්වරුවේ ඉඳන් ගම්බිම්වල ඉඳන් ආයෙත් කොළඹට එන්න බස් රථ විශේෂ සේවාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩේ ලබන 21 වැනිදා වෙනකම්ම තියෙන නිසා තෙරපෙන්නේ නැතුව හෙමීට කොළඹ එන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. 



✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments