Ticker

6/recent/ticker-posts

හැඳුනුම්පත් පද්ධතියේ ලෙඩේ ඉවරයි, බත්තරමුල්ලෙන් ආපු විශේෂ නිවේදනය මෙන්න.. රස්තියාදු වුණු අයට අද විශේෂ අවස්ථාවක්



 පසුගිය දින කිහිපය පුරා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි දෝෂයක් නිසා හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව දැඩි අපහසුතාවයට පත් වුණා. 



බොහෝ දෙනෙක් මැසිවිලි නැගුවේ දින ගණන් රස්තියාදු වීමට සිදු වූ බව පවසමින්.

කෙසේ වෙතත්, දැන් එම පද්ධති දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණ, පද්ධති දෝෂය නිසා සිය කටයුතු කර ගැනීමට නොහැකි වූ පිරිසට පමණක් අද (30 වැනිදා) එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබ එක්දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල හරහා ලබන අඟහරුවාදා (මාර්තු 31) සිට සුපුරුදු පරිදි එම සේවාවන් ලබා ගත හැකියි.

එමෙන්ම, සාමාන්‍ය සේවා (Normal Service) කටයුතු සඳහා දින වෙන් කරගෙන ඇති අයට 2026 අප්‍රේල් 06 වැනි සඳුදා සිට සියලුම සේවාවන් යළි විවෘත වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ....


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments