බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් නිර්මාණය කර මුදල් රැස් කළ බවට චෝදනා එල්ල වී ඇති හිමිනමක් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර 21 හැවිරිදි භික්ෂුව මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ළමුන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීමට කරන ඉල්ලීම් ලෙසට වංචනික සකස් කළ ලිපි කිහිපයක් හිමිනම සතුව තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
එපමණක් නොව, මෙම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ නම්වලින් අත්සන් කර ඇති බව වාර්තා වේ.
විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු මුදල් ලබාගැනීමේ අරමුණින් මෙම ලිපි පෞද්ගලික ආයතන වෙත යොමු කර ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments