Ticker

6/recent/ticker-posts

අකුරේගොඩ නීතිඥ කේදවාචකයේ සැකකරුවන් රිමාන්ඩ්



 අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙ#තබා ඝා##නය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සහෝදරයන් දෙදෙනා මාර්තු මස 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත් කර තිබේ.

එමෙන්ම අනෙක් පුද්ගලයාව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත. සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග ලබා දී තිබේ.

තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝා#නය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකුව කොට්ටාවේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී පොල්ගස්ඕවිට 'ඩිලා' නැමැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා 'ඩිලා' නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments