අහම්බයෙන් හමුවුණු ඔහු සමග කා බී සතුටුවන්නට ගිය තරුණයෙකුට අවසානයේ අත්වුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ ඉරණමක්.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක් කියලා ඔබ විශ්වාස කරනවාද...?
අහඹු ලෙස නගරයේදී හමුවන මිතුරන්ට තමන් මුදල් ගෙවන බව අඟවමින් කඩයට තේ පානය කිරීමට ආරාධනා කර තේ කඩයට රැගෙන ගොස් කා බී මුදල් නොගෙවා හිමින් සීරුවේ මාරුවී යන අයකුට මතක සිටින තාලේ අපුරු දඬුවමක් දුන් මිතුරන් පිරිසක් පිළිබඳ පුවතක් වාර්තා වුණේ ඈත ගමකින්.
මේ පුද්ගලයා තිස් අට වියේ පසුවෙන පෞද්ගලික ආයතනයක රැකියාව කරන තිදරු පියෙක්. හිත මිතුරන් වංචාවෙන් මුළා කර තම සිතැඟි දැ ඉටු කරගැනීමට ශූර කපටියකු බවට මිතුරන් අතර ද කතා බහට ලක් වූ අයෙක්ද වුණා.
මොහුට හමුවන අතමිට මුදලක් ඇතැයි සිතෙන අයකු හමු වූ විට ආගිය තොරතුරු කතා කරමින් සිට ආ ගොඩ කාලෙකින්නේ හමුවුණේ යමු තේ එකක් බොන්න යැයි කියා ආරාධනා කර අසල තිබෙන තේ කඩයකට මිතුරා එක්කර ගෙන යනු ලබයි.
එසේ තේ කඩයට යන ඔහු කෑමට යමක් රැගෙන එන ලෙසත් කිරි තේ දෙකක් රැගෙන එන ලෙසත් කඩේ සේවකයිනට කියයි. ආහාර වර්ග රැගෙන විත් මේසයේ තිබු සැණින් ඉතා ඉක්මනින් එයින් කීපයක් ගිල දමා තේ එකද යහළුවාට පෙර පානය කර "මචං මම ටක්ගාල එන්නම්. ඔහොම හිටපං." කියා සැනෙකින් එම ස්ථානයෙන් මාරුවී යයි. පැය භාගයක් පමණ කාලයක් ගතවුවත් මිතුරා නොපැමිණෙන හෙයින් සේවකයා ගෙනැවිත් දුන් තේ බිල ගෙවා දමා තේ කඩයෙන් පිටවීමට මිතුරන්හට සිදුවෙනු ඇතියි.

මෙම කපටි ක්‍රියාව බොහෝ මිතුරන් දැනගෙන සිටින හෙයින් ඔවුහු මොහු තේ පානයට කතා කරත් නොයන මට්ටමක සිටියා.
එවැනි අපහසුතාවකට මුහුණ දුන් අයකුට නැවත දිනක මොහු හමුවන්නේ හසලක නගරයේදීයි. පෙර මෙන් මෙදිනද මිතුරා සමග ආගිය තොරතුරු කතා බහකරමින් සිට "ආ මචං අපි තේ එකක් බොන්න යමු." යැයි කියා මිතුරාට තේ පානය කිරීමට හෝටලයකට යෑමට යෝජනා කළා. මොහුට අද හොඳ පාඩමක් උගන්වන්න ඕන මේකෙන් හරි මේකා මට්ටු වෙයිනේ. කියා සිතා ගත් ඔහු එම ස්ථානයේ සිටි තවත් මිතුරන් දෙදෙනෙකුට කතා කර "මේ මගේ හොඳ යහළුවෙක්.
තේ එකක් බොන්න කතා කරනවා අපි යමු." කියා තේ පානය කිරීමට අසල තිබු හෝටලයකට ගොඩ වුණා.
එසේ යන අතරේ ඔහු අනෙක් යහළුවන් දෙන්නාට හොර රහසේ පැවසුවේ මේසයට කෑම ගෙනල්ලා තියපු ගමන් දඩබඩ ගාලා ඒවා කාලා මම නැගිටින කොටම උඹලත් නැගිටලා වරෙල්ලා කියලා.
වෙනදා මෙන් තේ කඩයට ගොඩ වූ සැමි අයියා කෑමට යමක් සහ බීමට කිරි තේ රැගෙන එන්නැයි කඩේ සේවකයාට පවසා තිබුණා. එසේ ඇණවුම් කරන ලද ආහාර මේසය මත තබනවාත් සමඟම සැමි අයියාට වඩා වේගයෙන් යහළුවෝ තිදෙනා ආහාර වර්ග කීපයක් ගිල දැමුවා.
ආහාර ගිල දමා තේ රැගෙන ඒමට පෙර මිතුරා "සැමියෝ මගේ පෝන් එක වීල් එකේ අමතක වුණා. මං ටක් ගාලා අරගෙන එන්නම් එතකං ඔහෝම හිට පං." යැයි කියමින් මහත් කලබලයකින් මෙන් අසුනෙන් නැගිට ඔහු පිටව යනවාත් සමගම අනෙක් දෙදෙනාද තේ පානය නොකර අසුන්වලින් නැගිට පිටව ගියා.
හෝටලයේ සේවකයා රැගෙන ආ කිරි තේ එක පානය කර මිතුරා එතැයි සිතමින් පැය භාගයක පමණ කාලයක් හෝටලයේ රැඳී සිටියත් ඔහු පැමිණෙන පාටක් නැහැ. ඒ වනවිටත් සේවකයා රුපියල් 970/-ක තේ බිල ඔහු වාඩිවී සිටි මේසය මතට ගෙනවිත් දී තිබුණා. මේ බිල ගෙවීමට තමන් අත මුදලක්ද නැත. ඇත්තේ රුපියල් 400/-ක පමණ මුදලක්. එයද සුරකිව තබා ගත්තේ යතුරුපැදියට තෙල් ගැහීම සඳහායි.
තමන් අමාරුවක දමා මිතුරන් පලා ගොස් ඇති බව වැටහුණි. වෙන කළ යුතු දෙයක් නැත. මුදල් කවුන්ටරයේ සිටි මුදලාලි අසලට ගොස් කාරණය පවසා "මම හෙට මුදල් රැගෙනවිත් දෙන්නම්. දැනට මගේ අතේ මේ බිල ගෙවන්නට තරම් මුදලක් නැහැ. එතෙක් මගේ අතේ තිබෙන මේ ඔරලෝසුවයි ජාතික හැඳුනුම්පතයි මුදලාලි තියා ගන්න." යැයි ඒවා මුදලාලිට භාරදි එදින නිවසට ගොස් පසු දින පැමිණ අදාළ මුදල ගෙවා හැඳුනුම්පත හා ඔරලෝසුව රැගෙන යාමට ඔහුට සිදුවිය.

✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න

0 Comments