Ticker

6/recent/ticker-posts

හෝමාගම හඬවපු ඒ කේදවාචකය පිටුපස සිටි මවගේ 'අනියම් සැමියා' කොටු වෙයි.. - අහිංසක මල් කැකුළක් තලා දැමූ අනියම් ප්‍රේමයේ අඳුරු රහස මෙන්න...

 


මුළු රටක් හඬවමින් හෝමාගම මාගම්මන ප්‍රදේශයෙන් ඇසුණු ඒ අඳෝනාව පිටුපස සිටි සැබෑ රකුසා අන්තිමේදී පොලිස් දැලට හසු වුණා.


මවගේ අනියම් සැමියා ලෙස පෙනී සිටිමින්, අවුරුදු දෙකයි මාස හතරක් වයසැති අහිංසක සිඟිත්ක##ගේ ජී#තය උ#රාගත් 31 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා අද හෝමාගම පිටිපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට මාස හතරකට පෙර මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකදී (Salon) මෙම මව සහ සැකකරු හඳුනාගෙන තිබුණා.

මත්ද්‍#ව්යවලට තදින්ම ඇබ්බැහි වූවෙකු වූ මේ පුද්ගලයා සමඟ ඇති කරගත් අනියම් සබඳතාවය, අවසානයේ තමන්ගේම ලෙයින් උපන් දියණියගේ ම#ණ වරෙන්තුව ලියනු ඇතැයි ඒ මව හීනෙකින්වත් නොසිතන්නට ඇති.

ම#ණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වන කරුණු ඇසීමෙන් පවා ගත සිත කිළිපොළා යනවා.

මෙම රකුසා විසින් දරුවාට කළ දරුණු වධ හි#සා නිසා ඇයගේ හිස මොට පෘෂ්ඨයක ගැටී තිබෙනවා.

එම පහරදීමෙන් මොළයට සිදු වූ බරපතල තුවාල සහ ඉන් ඇති වූ අසාත්මිකතාවය නිසා මේ පුංචි දි#ණියට අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගන්නට සිදු වුණා.

තමන්ගේ දරුවාට මෙවැනි වධ හිංසා පමුණුවද්දීත් එය වසන් කිරීමට උත්සාහ කළ මව ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ම##ව්‍ය සහ අනියම් සබඳතා නිසා තවත් කීයක් නම් අහිංසක දරුවෝ මෙලෙස බිලිවෙයිද?

පුංචි දියණියට නිවන් සුව අත්වේවා! මෙවන් අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලැබේවා!

✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments